නැතිව නම් දහම් මඟ ජයගන්නට බොහෝ අපහසු වේවි. ශක්තිය, ධෛර්ය, වීර්ය නැතිව දහම් මඟ ප්‍රතිපදාව නිසි ලෙසින් කරගෙන යන්නට බොහෝම අපහසුවෙනවා... ඉතින් සැබෑ සතුට ලබන්නට කුසීත බවෙන් ඔබ්බට ගිය නිවී සැනසීම පිණිස මහා බලයක් වන වීර්ය සොයා යන්නට එක්වන්න...
සම්මා සම්බුද්ධ වචනය විවර නොවන තරමින්ම එය සැඟව ගොස් වැසී යයි. විවර වන තරමින්ම බැබළෙමින් බොහෝ සතගේ ජීවිතය ආලෝකවත් කරයි. ඒ උතුම් බුදුවදන කිහිපදෙනෙකුට පමණක් සීමාවූවක් නොවන නිසාම... නිවැරදිව නිසි සේ ලබා දෙන්නට හැකි නම් එයින් නිසි ඵල නෙලා ගත හැකි පිරිස බොහෝ නිසාම... “නිර්වාණ ධර්ම” සදහම් සත්කාරය නන් අයුරින් තමන්ට හැකි අයුරින් ඒ සක්හඬ ලොවපුරා දම් කැමැති සත වෙත ලබාදෙන ආකාරය මේ කොටස තුල ගොනු වේ. සක්හඬට සීමා මායිම් නැත. අපගේ මේ පුංචි වෑයම ඒ සීමා මායිම් රහිතව නඟන්නට හැකි සක් හඬ සියලු ලෝ සතට නොඅඩුවම ලබාදීමමයි!
ශ්රී ලාංකීය බිහිරි ප්රජාවගේ සිත් සතන් තුටු කරමින් මේ වන විට ශ්රී ලාංකික සංඥා භාෂාවෙන් ඉතාමත් සාර්ථකව “නිර්වාණ ධර්ම“ ප්රචලිත වෙමින් පවතින අතර ලෝකයේ බොහෝ රට වලට ඒ ඒ සංඥා භාෂාවන්ගෙන් සත්ධර්මය බෙදන්නට “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවිය මෙසේ කටයුතු කරයි...
නිර්වාණ ධර්ම සඳහම් සත්කාරයේ බොහෝ දහම් කොටස් අන්ධ ප්රජාව වෙත ලබා දීම පිණිස “කතා කරන දහම් පොත්” ලෙසින් ශ්රවණය කල හැකි ආකාරයෙන් සකසා ඇත. සඳහම් කැමැති සිත් සතන් සුවපත් කරගැනීමට කැමති ඔබේ හිත මිතුරු දෙනෙත් නොපෙනන අන්ධ මිතුරු මිතුරියන් වෙත මෙම දහම් කොටස් බාගත කර ලබා දී මෙම උතුම් කටයුත්තට දායකවී පින් රැස්කරගත හැකිය!
“නිර්වාණ ධර්ම සඳහම් සත්කාරය” ලෝ සත වෙත තව තවත් ලං කිරීම පිණිස තව තවත් හදවත් සනසාලනු පිණිස විවිධවූ භාෂාවන්ගෙන් විහිදුවා පතුරුවා හරින්නට දරන වෑයමකි. මන්ද පිරිසිදු සත්ධර්මයට භාෂාවක් නොමැත. යමෙකුගේ හදවතට ලං විය හැකි යම් භාෂාවක් වේද ඒ හදවත සනසාලනු පිණිස මේ උතුම් සත්ධර්මය ලබා දෙන්නට ඒ භාෂාවට හැකියාවක් ඇත...
මෙම කොටස තුලින් ඉදිරියේදී නිර්මාණය කරන්නට බලාපොරොත්තුවන නිර්වාණ ධර්මායතන පිළිබඳව තොරතුරු දැනගත හැකිය...