යනු අප මහා සම්මා සම්බුදු පියාණන්වහන්සේ විසින් විවර කරන්නට යෙදුනා වූ ලොව සැබෑ තත්වයයි. ධර්මය යනු සත්‍ය නම් වූ දොරටුවේ යතුර හා සමානය. සත්දහම අවබෝධවන්නේ යම් පමණින්ද එපමණින් ලොව සැබෑවෙත් මුලාවෙත් වෙනස හඳුනාගන්නට හැකිවනු ඇත. යමෙක් විමුක්තියක් පතන්නේ නම් සත්ධර්මාවබෝධය අත්‍යවශ්‍යම වේ. නිර්වාණ ධර්ම ඇසුරේ සත්ධර්මය ලැබගන්න...
ත්‍රිපිඨකය කියලා කියන්නේ සත්ධර්මය ගැබ්කරලා එකතු කරලා සකස් කල ග්රන්ථ මාලාවක්. කතෝලික ක්‍රිස්තියානි ආගමිකයන්ගේ බයිබලය, හින්දු ආගමිකයන්ගේ වේද ග්රන්ථ මාලාවන් සහ ඉස්ලාම් ආගමිකයන්ගේ කුරාණය වගේ බෞද්ධයන්ට මේ ත්‍රිපිඨක ග්රන්ථ මාලාව තුලින් තම ජීවිතයට සම්මා සම්බුදුරජාණන්වහන්සේ විසින් පෙන්වා දුන්න සත්ධර්මය ලඟා කරගන්නට අවස්ථාව ලැබී තියෙනවා. ඉතින් මෙම කොටස තුල බුද්ධිමත් ඔබට ත්‍රිපිඨක ග්රන්ථ ඇසුරු කරන්නට අවස්ථාව උදාවෙනවා. ප්‍රඥාවන්තව ඇසුර ලැබගෙන නිසි ඵල නෙලාගන්නට අප්‍රමාදීවන්න!
ඔබට අවශ්‍ය සූත්‍ර දේශනාවක් එහි නමින් හෝ මුල අකුර යොදා සොයාගැනීම පිණිස සකසා ඇති ත්‍රිපිටක සෙවුමක් සහිත කොටසයි. පහසුවෙන්ම ත්‍රිපිටක ධර්ම කොටසක් සොයාගැනීමට මෙම සූචිය උපකාර වේවි.
සූත්‍ර පිටකය යනු ත්‍රිපිටකයේ දෙවන කොටසයි. උතුම් බුදු පියාණන්වහන්සේ ඇතුලු මහ රහතුන්වහන්සේලා විසින් දේශනා කරන්නට යෙදුන 10,000කට අධික සූත්‍ර දේශනා එකතුවකින් යුක්තයි. නිවන් මඟ කල එලි කරගන්නට අවශ්‍ය කරන උතුම් දහම් කොටස් වලින් යුතු සූත්‍ර දේශනා ඇසුරු කරන්නට හැකි කොටසකි...
අභිධර්ම පිටකය යනු ත්‍රිපිටකයේ තුන්වන කොටසයි. සිත සහ සිත හා බැඳුනු දෑ ක්‍රියාත්මක වන ආකාරය ගැඹුරින්ම විග්රහ වන දහම් එකතුවයි. විෂයක් මෙන් මෙම කොටස ඉගෙන ගැනීම මෙකල ප්‍රකට අංගයක් වුවත් අභිධර්මය යනු එසේ උගැනුමෙන් හසුකරගත හැකි දහමක් නොවන බව දැනගැනීමම බුද්ධිමත් ඔබ ලබන ජයකි... ප්‍රඥාවන්තව ඇසුරු කර නිසි ඵල ලැබීම පිණිසයි.
විනය පිටකය යනු ත්‍රිපිටකයේ පලමු කොටසයි. භික්ෂුවකට භික්ෂුණියකට පිළිපැදිය යුතු විනය මාලාවකින් යුක්තයි. ඒ සෑම විනය නීතියක්ම පැනවීමට හේතුවූ කරුණු අනුව පැහැදිලි වන්නේ විනය නීති පැනවීම යනු බොහෝ පිරිසකගේ හිත සුව පිණිසම සිදුවූ කාරණයක් බවයි. නිවන් මඟ ඔප් නංවාගනිමින් ප්‍රඥාවන්තව ඇසුරු කිරීම පිණිසමයි!
ත්‍රිපිටකයට අදාලව නුවණින් විමසා බලමින් යහපත උදාකරගැනීමට හේතුවන තවත් බොහෝ දෑ අඩංගු කොටසකි. ප්‍රඥාවන්තව විමර්ශණය කරමින් පොත පතින් ඔබ්බට ගිය දහම් අවබෝධය වටහාගැනීම පිණිසමයි.