ප්‍රඥාව ලබන්නට ඕනෑම කරන පසුතලය මෙයයි. සුලග නොමැති විටෙක නිසලව තිබෙන පහන් දැල්ලක් වගේ නොකැලඹෙන, නොවිසිරුණු මනසක් පසුතලය වූ විට තමයි ඇත්ත ඇති සැටියෙන් දැක ගන්නට හැකිවෙන්නේ... ඉතින් නිවී සැනසෙන්නට ලැබිය යුතු සමාධිමත් මනස කෙලෙසදැයි සොයා යන්නට එක්වන්න...
පිවිතුරු සත්ධර්මය ඇතුලු ජීවිතයේ එදිනෙදා පැවැත්ම තුලට අනන්ත අප්‍රමාණ ආශිර්වාද ලබාගත හැකි සෙත් පිරිත් ආදියත් තවත් දිවිය සරු කරගැනීම පිණිස ඇසුර කරන්නට බොහෝ දෑ ලබාගැනීමට (බාගත කරගැනීමට) අවස්ථාව මෙම කොටස තුලින් ලැබේවි! තම තමන්ගේ ඥාති හිතමිත්‍රාදීන් සමඟ බෙදා හදාගැනීමට අවශ්‍ය කරන්නාවූ බොහෝ දෑ ගොනුවන මේ කොටස තුලින් තමන්ටත් අන් අයටත් යහපතම උදාවන ආකාරයෙන් ඇසුර ලැබගන්නට ප්‍රඥාවන්තවන්න!
ත්‍රිපිටක පොත පත ඇසුර ලබමින් එහි හුරුව ලබන්නටත් සත්ධර්ම ප්‍රඥාවන්තව විමර්ශණය කරමින් නිවන් මඟ කල එළි කරගැනීම පිණිසම ඇසුරු කරන්නටත් මේ වෑයම උපකාරයක්ම වේවා...
නිතර ඇසුරු කිරීම පිණිස බාගත කරගැනීමටත්, දහම් කැමති නෑ සිය හිත මිතුරන් සමඟින් බෙදා හදා ගැනීමටත් ලබා දිය හැකි දහම් පඬුරු එකතුවකි...
අපගේ නිවන් මාර්ගය සාර්ථක කරගන්නට උපකාර වන සත්ධර්ම එකතුවකින් සමන්විත අතර විවෘත මනසකින් ප්‍රඥාවන්තව පරිශීලනය කර නිවන් මඟ විවර කරගැනීම උදෙසාමයි...
දහම් පොත පත කියවන්නට කැමැත්තෝ උදෙසා වෙන් වන සඳහම් පොත් පත් එකතුවකි... නොමිලේ බාගත කරගැනීමේ පහසුව සහ කියැවීමේ පහසුකම් ඇත.
අක්ෂර ඝණ මාත්‍රා නිසි ආකාරයෙන් සජ්ඣායනා කරන ලද සෙත් පිරිත් දේශනා එකතුව ලබාගැනීමට මෙම කොටසින් අවස්ථාව උදා වේ...
බුදු දහමට සබැඳි අලංකාර බිතු සිතුවම් ඇතුලු තවත් බොහෝ ඡායාරූප එකතුවකින් සමන්විතයි.
සත්පුරුෂයන් ජනයාගේ හිත සුව පිණිස වේ යන බුදු වදන සනාථ කරමින් උතුම් සත්ධර්මය තම තමන්ට හැකි අයුරින් ලොවට බෙදන කළණ මිතුරන්ගේ අපූරු දහම් සිතිවිලි එකට ගොනු කරන්නට ඔවුන් උදෙසාම වෙන් වන සඳහම් අවකාශයයි...