මොහොතක් පාසා සකස්වන භවයන් නුවණින් දැක පහ කරගනු පිණිස නැණවත්ව සිත අධ්‍යනය කිරීමකි... නිවැරදිව හඳුනානොගතහොත් මඟ නොමඟවී සිදුවන අනතුර මෙතෙකැයි කිව නොහැක... එනිසා නිවැරදි භාවනාව හඳුනාගනු පිණිස එකතුවන්න නිර්වාණ ධර්ම සමඟ...
ප්‍රඥාවෙන් යථාර්ථය අත්දකින්නට... යථාර්ථය තුලින් සැබෑම සතුට අත්දකින්නට... ධර්ම මං සළකුණු තුලින් ඉදිරියටම ගමන් කරන්නට අවස්ථාව උදාකරගත යුතු වෙනවා. මෙම කොටසින් මූලිකව බලාපොරොත්තු වෙන්නේ යම් දුකක් ලැබෙන යම් ලෝකයක් වේ නම් ඒ දුක්ඛිත ලෝකයෙන් මිදෙන්නට මාර්ගය ගැන විමසා බැලීමටයි. තවත් විදියකට කියනවා නම් යථාර්ථය දකින්නට මනස සකස් කරගන්නට ඕනෑ වැඩපිලිවෙල සාකච්ඡා කිරීමටයි. තම තම නැණ පමණින් විමසා උත්සාහ වීර්ය කොට සුදුසු පරිදි මාර්ගය පාදා ගැනීමට මඟ නොමඟ සොයාගෙන තම තමන්ට යහපතක් කරගැනීමට මෙම කොටස නැණවත් ඔබට උපකාරයක්ම වේවා!
බුදු දහමේ සැබෑ භාවනාව කුමක්දැයි මුල සිට සරලව පහදා දෙන දහම් කොටස් එකතුවකි. අවබෝධයෙන් විමසන්නේ නම් තම තමන්ගේ භාවනාවන් තුලින් නිසි ඵල නෙලාගැනීමට බොහෝ රුකුලක් වනු නොඅනුමානයි!
කර්මස්ථාන ඇතුලු බොහෝ භාවනා ක්‍රම ගැඹුරින් විමසුමට ලක් කොට එදිනෙදා ජිවිතයේදී ඒවා භාවිතයට යොදාගන්නා ආකාරය පෙන්වා දෙන දහම් කොටස් එකතුවකි.
භාවනා කර්මස්ථාන සම්බන්ධයෙන් දත යුතු හැඳිනගත යුතු බොහෝ කරුණු විග්රහයන් ඇතුලත් දහම් කොටසකි. කර්මස්ථාන වශයෙන් භාවිතා කරන බොහෝ දෑ සම්බන්ධයෙන් සියුම්ව විමසා බලන්නට ඔබව උනන්දු කරන දහම් එකතුවකි