සියලු හැල හැප්පීම් මැද නොසෙල්වන මානසිකත්වයයි... උපෙක්ෂා සහගත මානසිකත්වය ජීවිතය පහසු කරයි... මෝහයෙන් තොරවූ සැබෑම උපේක්ෂාව හඳුනාගැනීම පිණිස නිර්වාණ ධර්ම ඇසුරු කරන්න...
බොහෝ කාන්තාවන් කාන්තා විමුක්තිය සොයයි... සමානාත්මතාවය සොයයි... ජීවිතයේ නොයෙක් හැල හැප්පීම් මැද තාඩන පීඩන මැද සුවය සතුට සමාදානය සොයයි... මිදීමක් වෙන්වීමක් සොයයි... සැබෑ විමුක්තියක් සැනසීමක් ලැබීමට යම් මඟක් වේ නම් කාන්තා බවෙන් නිදහසක් ලැබීමට යම් මඟක් වේ නම් ඒ මඟ විවර කරන්නාවූ සුවිශේෂී සඳහම් එකතුවකි. ප්රඥාවන්තව විවෘත මනසකින් ඇසුරු කොට යහපත සලසා ගැනීම පිණිසමයි!
මූලික වශයෙන් ස්ත්රිත්වය යනු කුමක්දැයි හොඳ හැටි හඳුනාගැනීම වැදගත් වෙනවා. එවිට ඒ හඳුනාගැනීම තුලින්ම තම තමන්ගේ ගැලවුම්කාරයන් වෙන්නට ප්රඥාවන්තව අපට හැකිවෙනවා. ඒ ප්රඥාවන්ත හඳුනාගැනීම වෙනුවෙන් වෙන් වන දහම් කොටසකි.
නම ගිය රැකියාවක් කලත්... ගෙදරට සීමාවූ වැඩ කොටසක් කලත් මේ හැම දෙනෙක්ම යම් වැදගත් කාර්යයක නිරත වී සිටින කාන්තාවන්ය. රැකියාවක් කරනවා කියන්නේ ඔබ නම ගිය ආයතනයක කරන රැකියාවක් පමණක්ම නොවේ. ඒ නිසා කුමන තැනක කුමන ආකාරයේ රැකියාවක් කලද වැදගත් වෙන්නේ ඔබ කරන දේ තුල කොතරම් ප්රඥාවන්තව කටයුතු කරනවාද යන්නයි. මේ කරුණ වෙනුවෙන් වෙන් ව
කාන්තා විමුක්තිය හෝ වේවා සමානාත්මතාවය හෝ වේවා කාන්තා අයිතිවාසිකම් හෝ වේවා නන් අයුරින් කාන්තාවට නිසි තැන ලබාදෙන ලෙසින් කෑ මොර දෙන ඉල්ලීම් බොහෝමයි. අනුන් මත යැපෙනවා වෙනුවට තමන්ගේ සැබෑ බලය හඳුනාගෙන එය ඔප්නංවාගන්නට හැකි නම් නොඉල්ලුවත් ලැබිය යුතු නිසි විමුක්තිය ලැබෙනවා නියතයි! ඒ සඳහා විමසමු!
තම තමන්ගේ මනස කුණු වලින් පුරවාගෙන අසහනයෙන් දැවෙන්නට නොව ඒවායෙන් මිදී සැබෑ විමුක්තිය ලැබගෙන සැනසෙන්නට තරම් ධෛර්යයක් කාන්තාවන් තුල තිබූ බවට සාධක අනන්තයි අප්රමාණයි. එවන් උත්තරීතර චරිත කිහිපයක් විනිවිද දකිමින් අපගේ ජීවිත උදෙසා ආදර්ශයක්ම කරගන්නට මෙම කොටස උපකාරයක්ම වේවි!