යමක් සමාදන්වන්නේ නම් එය වතකි... සංවරත්වයම සීලය වේ යන බුදු වදනට අනුව නිවැරදිවූ සීලය හඳුනාගැනීමට ප්රඥාවන්ත විය යුතුය. ප්රඥාවෙන් තොරව සීලයක්ද නොවේ... නිවැරදිව සීලය හඳුනාගන්නට හඳුනාගෙන තමන් තුලටත් සීලය ලැබගන්නට නිර්වාණ ධර්ම ඇසුර ලබන්නට එකතුවන්න...
පංච සීලයේ පටන්ගෙන විනය නීති මාලාව දක්වාම නිවීම උදෙසා විනය සකස් වෙන ආකාරයත් ගැඹුරු අර්ථයන් විමසා ජීවිතයට ඒ දේ ලංකරගැනීම පිණිසත් විග්රහ වන සත්ධර්ම කොටස් එකතුවකි. ප්රඥාවෙන් පිරි යථාවත් සංවරත්වය තුලින් සකස් වෙන නියමාකාර විනය හඳුනාගෙන රාග විනය කරගැනීමට ද්වේශ විනය කරගැනීමට මෝහ විනය කරගැනීමට හෙවත් නිවීම ලැබීම පිණිසම හේතු උපකාර වෙත්වා!
පංච සීලයේ බොහෝ දෙනෙකු නොසිතූ ගැඹුර ගැන සවිස්තරාත්මක විග්රහයන් ඇතුලත් කොටසකි.
ශික්ෂා පද බොහෝමයක ගැඹුරු අර්ථ විග්රහකරගෙන නිවන් මඟ විවර කරගැනීම පිණිස වෙන් වෙන දහම් එකතුවකි.
විනය පිටකයේ ගැඹුර විනිවිද දකින්නට ප්රඥාවන්තව විමසා නිවන් මඟට උපකාර කරගැනීමට උපකාර වන දහම් කොටස් එකතුවකි. අවබෝධයෙන් සිදුකරන විට කිසිවක් බරක් අසහනයක් නොව සැහැල්ලුවක් සැනසීමක්ම ගෙන දේවි!