සුපිරිසිදු චිත්තය අපිරිසිදු කරයි... දුකට පත්කරයි... යථාර්ථයෙන් මුදවා බොරුවක්ම මායාවක්ම විශ්වාස කරන්නට ඇත්තක් යැයි පිළිගන්නට ඔබව අසරණ කරයි... කෙලෙස් මාරාන්තිකයි... එහෙත් සුව කල හැකියි... එවන් වූ කෙලෙස්හි සැබෑ ස්වරූපය දැනගන්නට නිර්වාණ ධර්ම ඇසුරු කරන්න...
නිර්වාණ අවබෝධය පිණිස උත්සාහයක් වීර්යයක් ගැනීමට අපහසුවක් තියෙන පින් මදියි, නුවණ මදියි කියලා හිතෙන උදවියට උපකාරයක් වීම පිණිසත් මේ ගැඹුරු ධර්මය අපටත් නොදැනීම අප තුලම ක්‍රියාත්මක කරවා ගෙන සැබෑ සතුට ලැබීම පිණිස මාර්ගය සකස් කරගැනීමට හැකි වැඩපිළිවෙලක් මේ කොටස තුලින් නන් අයුරින් විග්රහ වෙනවා. අප විසින් වටහාගත යුතු සහ වටහාගන්නට පහසු නොයෙක් නොයෙක් දෑ විග්රහ කරගන්නට තමයි මේ කොටස වෙන් වන්නේ. ප්‍රඥාවන්තව විමර්ශණය කරමින් ජීවිතයට ලං කරගන්නට උත්සාහ කරන නැණවතුන්ට ආගම් කුලමල ජාති තත්ව තානාන්තර භේදයකින් තොරවම ජය නියතයි!
මෙකල ලොව බරපතලම ගැටලුව නම් මිනිසුන්ට මිනිසත්කම අමතක වීමය. ඒ කරුණ නිසාම මේ ලෝකය සෑම ජීවියෙකුට ජීවත් වන්නට අපහසු තැනක් බවට පත්වෙමින් පවතී. ඒ නිසාම මිනිසුන් වශයෙන් අපට කරන්නට හැකි දෑ ගැන විමසා බලන්නට... ලෝකය ජීවත්වන්නට හිතකර තැනක් බවට පත්කරන්නට නැණවත්ව කටයුතු කරන්නට හැකි අයුරු විමසා බලමු.
බොහෝ ගැටලු ආරම්භවන්නේ අප පිළිගත් බොහෝ දෑට අනුව නොයන විටදීයි. තරහා, වැරදිසිදුවීම්, ආශාවන්, වැනි කියා නිමකල නොහැකි බොහෝ වැරදි යැයි සම්මත දේ අප ජීවිත තුල සිදුවෙනවා. ඒ නිසාම කියනවා කිසිවෙකුත් සර්වසම්පූර්ණ පරිපූර්ණ මිනිසුන් නොවේ කියා. ඒත් මේ සෑම දෙයක්ම අතරේ පරිපූර්ණත්වයකට පත්විය හැකි නම් එයයි සැබෑ දක්ෂකම... මෙය ඒ සඳහායි!
ඇබ්බැහි වෙන්න එතරම් කාලයක් ගත වෙන්නේ නෑ නේද? ඒත් ඒවායෙන් මිදෙන්නට නම් බොහෝ කාලයක් ගත වෙනවා කියලා තමයි අපට හිතෙන්නේ... ඒත් ප්‍රඥාවන්තව කටයුතු කලොත් ඒ මතය බොරුවක් බව ඔබටම අත්දැකගන්නට හැකිවේවි... ඒ නිසා ප්‍රඥාවන්තව විමසා මේ මිනිසත්බවෙන් නිසි ඵල නෙලාගනිමු.
ගිහි වතක සිටින අප සැමට රැකියාවක් කිරීම අත්‍යවශ්‍ය අංගයක් බවට පත්වී තිබෙන්නේ අප අතරින් බහුතරයක් මහා මුදල් හිමියන් නොවන නිසයි. ආධ්‍යාත්මික දිවියක් ගත කලත් නොකලත් රැකියාවක් කරන්නට සිදුවීම සාමාන්‍ය සිද්ධියක්. ඒත් ඒ රැකියාව කුමක් විය හැකිද? තම තමන්ගේ රැකියාව තුලින් සියලු දුක් නසන මාර්ගය මතු කරගන්නට සිහියට පත්විය හැකිවේවි
ගිහි වතක සිටියත් පැවදි වතක සිටියත් ප්‍රඥාව තිබේ නම් ඒ වත තුල උසස් දිවියක් ගෙවන්නට හැකියි. දිය පාරට හසුව ඔහේ ගසාගෙන යන පරඬැලක් නොවී අර්ථවත්ව තම තමන් සිටින වත තුල නිවන් මඟ විවර කරගත් වාසනාවන්ත ජීවිත ගැන විමසා බලන්නට මේ කොටස වෙන් වෙනවා...