අති දුර්ලභ ගුණයකි... යමෙක් හෝ යමක් නිසාවෙන් ලත් ලාභයට කෘතවේදීත්වය සපයන්නෝ පරම දුර්ලභයි... එහෙත් මේ කෘතවේදීත්වයෙන් හදවත පිරුණු විට ලැබෙන සැනසීම සතුට අපමණයි... සැබෑ අර්ථවත් කළගුණ සැලකීම ගැඹුරින් විග්‍රහ කරගැනීම පිණිස නිර්වාණ ධර්ම ඇසුර ලැබගන්න...
කෘතවේදීත්වය දැනිය යුතු බොහෝ දෑ අප ජීවිත තුල තිබේ... යහපත් වුවත් අයහපත් වුවත් සමහර අවස්ථාවන් සමහර පිරිස් අප වෙත ලබාදෙන්නාවූ බොහෝ දෑ කෙරෙහි කෘතවේදීත්වයක් දැනිය යුතුමය... එවන්වූ අතිදුර්ලභ ගුණයක් තුලින් නිවීම සැනසීම උදාකරගැනීමට මහත් පහසුවක්ම දැනේ... නිවන් මඟ සරු කරගන්නට අත හිත දුන් උතුමන් බොහෝමයකගේ වගතුග දැනගන්නටත් නිසි උපහාර දක්වන්නටත් මේ කොටස උපකාර වේවා!!!
කළගුණ සැලකීම සම්බන්ධයෙන් බුදු වදන විමසා බලන්නට වෙන් වන කොටසකි...
නිවන් මඟ කල එළි කරගන්නට උරදුන් උතුම් කළ්‍යාණ මිත්‍ර ඇසුර මේ කොටස තුලින් ඔබට දැනගන්නට අවස්ථාව ලැබේ. මෙවන් කලණ මිතුරු ඇසුර සැබැවින්ම වාසනාවකි!
“නිර්වාණ ධර්ම” සඳහම් සත්කාරයට නන් අයුරින් උරදුන් සහ තවමත් උපකාර කරන පිරිස ගැන දැනගන්නට මෙතැනින් අවස්ථාව ලැබේ.
නිවන් මඟ යන අපට මහා ආශිර්වාදයක් වූ උතුම් මිත්‍රත්වයට උපහාර පිණිස මෙම කොටස වෙන්වේ.
සම්මා සම්බුදු ප්‍රතිමා නෙලමින්, පුණ්යභූමියන් විචිත්‍ර කරමින් නන් අයුරින් තම දස්කම් තුලින් බොහෝ සිත් සතන් තුල ශ්‍රද්ධාව පුබුදුවාලන්නට කටයුතු කරන අසිරිමත් කලාකරුවන් වෙනුවෙන් වෙන් වන ඉඩකි.
ඉතිහාසයේ පටන්ගෙන අරිහතුන්වහන්සේලාගේ පහස ලත් අසම සම පුදබිම - අපේ හෙළ බිමෙහි විටින් විට හසුකරගත් ඡායාරූප එකතුවකි.