යථාර්ථය යථාවත් ලෙසින් දකින්නාවූ මානසික තත්වයයි... කිසිදු මතයකින් තොරව සියලු දේ දකින්නාවූ මානසික ස්වභාවයයි... ඇත්ත ඇති සැටියෙන් දකින විවෘත මානසිකත්වයයි... දැක්ම සෘජුවීම නිවනට පදනමයි... යථාවත් සම්මා දිට්ඨිය ගැඹුරින් නියාමකාරයෙන් විග්රහ කරගන්නට නිර්වාණ ධර්ම සමඟ එකතුවන්න...
චිත්‍රපට, ගීත, චිත්‍ර ආදී කලා නිර්මාණ යනු බොහෝ දෙනෙකුගේ හදවත් වලට අතිශයින්ම සබැඳි මාධ්‍ය වේ. බොහෝ විට හදවතට දැනෙන අයුරින් කථා කරන්නට ඒ ඒ නිර්මාණකරණයන්ට හැකියාවක් තිබේ... එමෙන්ම පහසුවෙන්ම මතකයේ රැඳෙන්නේද නිර්මාණකරණයක් තුලින් ලැබෙන්නාවූ පණිවිඩයක්ම වේ... සමහරවිටෙක මේ නිර්මාණ තුල සැඟව අතිශයින්ම ගැඹුර සත්ධර්ම කරුණු පවතී... එවන් වූ දෑ මතුකරගැනීමට නිර්මාණකරයක් රස විඳින කෝණය ඔබ නොසිතූ දෙසකට යොමු කරවීමට මෙම කොටස තුලින් උපකාරයක් ලැබේවි!!!
සාමාන්‍ය චිත්‍රපටයක් තුල ගැබ්වී ඇති ගැඹුරු දහම විවර කරගන්නට උපකාර වන විග්‍රහයන්ගේ එකතුවකි.
සංගීතය විශ්වීය භාෂාවක් යන්න ලොව ප්‍රකට කරුණක්. බෞද්ධ. ක්‍රිස්තියානි, මුස්ලිම්, හින්දු ආදී ලෙසින් බෙදා නොගෙන පිවිතුරු දහමද කොතැනක තිබුණද මෙම අදහසින්ම ගන්නේ නම් සංගීත රසවිඳින්නේ යම් සේද දහමින් යහපත උදාකරගන්නට හැකිවනු නියතයි. ගීත පදවැල් තුල සැඟව ඇති දහම් අරුත් දකින්නට මෙම කොටස වෙන්වේ.
චිත්රයකින් ගැඹුරු දහමක් දැකගන්නට හැකියි... ඒ හැම දෙයක්ම ගැඹුරු භාවනාවක් වැනියි... එසේ රසවත්ව ගැඹුරු දහම් විමසන්නට මෙම කොටස වෙන් වෙනවා.