සත්‍ය සොයා යන්නහුට සිහිය යනු සැබෑම ආරක්ෂකයායි! කොතරම් වෙර යෙදූවද, කොතරම් ශ්‍රද්ධාවක් තිබුණද, කොතරම් දහම් දැනීමක් තිබුණද, සිහිය නොමැති වුවහොත් නම් ඒ කිසිවකින් නිසි ඵලක් නොමවේවි... ඉතින් සැමටම තියෙනවා කියන සිහියෙන් ඔබ්බට ගිය නිවී සැනසීම පිණිස මහා බලයක් වන සිහිය සොයා යන්නට එක්වන්න...
විවිධාකාර මාතෘකා යටතේ නිර්වාණ ධර්මය ලැබීම පිණිස සකස් කලාවූ බොහෝ කොටස් ප්‍රමාණයක් මෙහි අන්තර්ගත වේ. වයස් භේදයක් නැතිවම... කුඩා දරුවාගේ පටන්ගෙන වැඩිහිටි පුද්ගලයා දක්වා තම තමන්ගේ ජීවන රටාවන්ට අනුකූලව ඇසුරු කරන්නට පිරිසිදු සත්ධර්මය ගැබ්කර ඇත. මේ කොටස තුල බුදු දහමට ආධුනික නවකයාගේ පටන්ගෙන ධර්මය තුලින් පෝෂණය ලබන ප්‍රඥාවන්ත ශ්‍රාවකයාටද ඇසුරු කරන්නට සත්ධර්මය ගොනු කර ඇත. විවෘත මනසකින් යුතුව මේ සෑම දෙයක්ම ඇසුරු කරමින්, නිවීම සැනසීම සාමය සතුට සපිරුණු සාර්ථක ජීවිතයක් උදෙසා තෙරුවණේ ආශිර්වාදය ලැබගන්න!
බුදු දහමට ආධුනිකවූත් බුදු දහම පිළිබඳව විමසා බලන්නට කැමතිවූත් පිරිස් වෙත බුදු දහම සම්බන්ධයෙන් මූලික හැඳින්වීමක් ගත හැකි කොටසකි. තම තමන්ගේ ජීවිත වලට බුදු දහම ලංකරගැනීමෙන් ලැබෙන්නේ කුමන ආකාරයේ යහපතක්දැයි මූලිකව දැනගැනීම පිණිස මේ කොටස වැදගත් වේවි...
බුදු දහමේ ඉගැන්වෙන සියලු සත්ධර්ම සිද්ධාන්තයන් ගැඹුරින් විමර්ශණය කරමින් ඒවා හුදු සිද්ධාන්තයන් පමණක් නොවී අපගේ එදිනෙදා ජීවිතය තුල ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි විමසා බලන ධර්ම කොටස් එකතුවකි....
බුදු දහමේ ඉගැන්වෙන භාවනාව සම්බන්ධයෙන් ගැඹුරින් විග්රහ වන සත්ධර්ම කොටස් එකතුවයි... භාවනාව සම්බන්ධයෙන් මූලිකව දැනගත යුතු කරුණු වල පටන්ගෙන ඉතාමත් ගැඹුරින් භාවනාව සම්බන්ධයෙන් දැනගත යුතු දෑ දක්වාම සත්ධර්ම විග්රහයන් ඔබට අත්දැකගන්නට මෙහිදී හැකිවේවි...
අප්‍රමාදීබව සකස්කරගැනීම පිණිස විමුක්තිය උදාකරගැනීමට හේතු උපකාර වන සත්ධර්ම එකතුවකි. ප්‍රඥාවන්තව විවෘත මනසකින් කියවා ඒ ඒ දෑ තම තමන්ගේ ජීවිත වලින් අත්දැකගනිමින් තම තමන්ගේ ජීවිත සාර්ථක කරගැනීම පිණිසමයි! ප්‍රතිපදාවේ නියැලීම පිණිසමයි!
බුදු දහමේ පැනවෙන විනය නීති සම්බන්ධයෙන් මෙන්ම ශික්ෂා පද ආදී සියලුම විනයට සම්බන්ධ කොටස් පිළිබඳවත් ඒවා නිවීම පිණිස උපයෝගී කරගන්නා ආකාරය සම්බන්ධවත් ගැඹුරින් විග්රහ වන සඳහම් කොටස් එකතුවකි...
පැවැත්මේ සැඟවුණු භයානකත්වය අංශු මාත්‍රයකින් හෝ වටහාගැනීමට හැකි වෙන පරිදි එකතු කල සත්ධර්ම කොටස් එකතුවකි... දුගතියක වුවත් සුගතියක වුවත් ලැබෙන හරයක් තිබේදැයි ප්‍රඥාවන්තව විමසා බලන්නට ලබා දෙන අවස්ථාවකි...
ගැඹුරු ධර්මය තමන්ටත් නොදැනීම තම තමන්ගේ ජීවිත තුල දළු ලා වැඩෙන ආකාරයේ ක්‍රමවේදයක් පසුතලයක් සකසා ගැනීමට උපකාර වන ආකාරයේ සඳහම් කොටස් එකතුවකි...
පැවැත්ම ගැන ලෝකය ගැන වෙනස්ම විදියකට හිතන පුංචි දරුවන්ටත් නව යොවුන් වයසේ දුවා දරුවන්ටත් සත්ධර්මය තුලින් ලෝකය දිනන්නට වෙන් වන්නාවූ කොටසයි...
දඟකාර විසේකාර තරුණ පරපුර වෙත සීමා මායිම් වලින් තොරව සිතන්නට... සැබෑම සතුට හඳුනාගෙන දිවිය සරු කරගන්නට සිතන්නට යමක් එකතු කරන සත්ධර්ම කොටස් එකතුවකි...
ප්‍රඥාවන්තව සිතන්නාවූ... විමුක්තිය පතන්නාවූ... නිසි තැන පතන්නාවූ... අපේම කාලයේ කාන්තාවන් උදෙසාම වෙන් කරන ලද සුවිශේෂී දහම් කොටස් එකතුවකි...
දැන හෝ නොදැන නිර්මාණකරණයකට එකතුවූ සැඟවුණු ගැඹුරු යථාවත් දහම් මතුකරගැනීම පිණිස නුවණින් විමසන සඳහම් කොටස් එකතුවකි...
මෙකල ප්‍රකට බොහෝ ආගම් තුල තිබෙන්නාවූ සැබෑම අර්ථවත් යහපත් දෑ මතු කරගනිමින් ප්‍රඥාවන්තව සැමගේ යහපත පිණිස ඒ දෑ යොදාගන්නා ආකාරය පිළිබඳව විමර්ශණය කරන සඳහම් කොටස් එකතුවකි... ආගම් ලේබලයන් නිසාවෙන් දැවෙන මිනිස්කම නිවා සැනසීම පිණිසයි...
අප දන්නා දෑ බොහෝමයි... ඒත් ඒ දන්නා දෑ පංච ඉන්ද්‍රීය ගෝචර මානසිකත්වයකින් පමණක් ලබාගත්තාවූ දත්ත සමූහයක්ම විතරයි නම් අප නොදන්නා කොටස බොහෝමයි... අන්න එවන් වූ දන්නවා යැයි සිතන බොහෝ දෑහි නොදන්නා පැතිකඩක් විවර කරන්නාවූ කොටසකි...
සත්ධර්ම මාර්ගය තුල නන් අයුරින් අවවාද අනුශාසනා දෙමින් සහාය උපකාරයන් ලබාදෙමින් කටයුතු කරන්නාවූ සැම සත කෙරෙහි උපහාර දක්වන්නාවූ කොටසයි...