සියලු දුකෙන් නිදහස් වීම පිණිස එකිනෙකා වෙත ලබාදෙන්නාවූ සහාය නම් වූ උතුම් ගුණයයි... හදවත කරුණාවෙන් පිරී ගිය විට බොහෝ ගැටලු අතුරුදන් වී යයි... කරුණාවෙන් මෛත්‍රියෙන් තොරවූ සිත් සතන් නිසාවෙන් තමන්ටත් අනුන්ටත් සිදුවන්නේ අයහපතක්මයි... නිවැරදිව කරුණා ගුණය හඳුනාගන්නට නිර්වාණ ධර්ම ඇසුර ලැබගන්න...
නිවන් මාර්ගය යනු ප්‍රඥාවත් කරුණාවත් සමබරව යෙදෙන්නකි... කරුණාවෙන් තොරව ප්‍රඥාවත්... ප්‍රඥාවෙන් තොරවූ කරුණාවක් නොමැති බව කිව යුතුමය... කරුණාවේ පියාපත ශක්තිමත් වීම කොතරම් වටිනේදැයි දැන හඳුනාගැනීම පිණිස ඇසුරු කල හැකි ධර්ම එකතුවකින් මෙම කොටස සමන්විතවේ. බොහෝ පිරිසකටත් යහපත සලසන මෙම කරුණා වැඩපිලිවෙල බොහෝ දෙනෙකුට අනුවණ සහගත ක්‍රියාවලියක් ලෙසටමයි හැඟෙන්නේ. එවන් වූ අහිතකර මත දුරලා ගෙන ප්‍රඥාවන්තව මේ කරුණාවේ පියාපත ශක්තිමත් කරගැනීමේ වැදගත්කම හඳුනාගත හැකි දහම් එකතුවකි!
කරුණාව මෛත්රිය මුදිතාව යන ප්රඥාව හා සබැඳි බොහෝ කාරණයන් නුවණින් විමසා තෝරාගැනීමට උපකාර වන දහම් එකතුවකි.
මෙම කොටස තුල මෙත් කරුණා මුදිතා ගුණයන් ප්රකට කරගත හැකි කටයුතු සම්බන්ධයෙන් විග්රහ වේ. නුවණින් විමසා ප්‍රඥාවන්තව තම තමන්ගේ ජීවිතයට ලං කරගැනීමට උත්සාහවන්තවන්න!
ආමිස පූජාවන් යැයි ප්රකට... ප්රඥාවන්ත යැයි පවසන්නාවූ බොහෝ පිරිසක් විසින් අවතක්සේරු කරන ප්රතිපත්තිමය පූජාවන් පිළිබඳව ගැඹුරින් විග්රහ වන නිවන් මඟ බොහෝ රුකුල් දෙන දහම් කොටස් එකතුවකි.
මෙත් කරුණා මුදිතා අරුත් පැටලුණ කල ඒවා සම්බන්ධ භාවනාව කෙසේ නම් බේරෙයිද? නිසි අරුත් වටහාගෙන බවුන් වඩන්නට උපකාර වන දහම් එකතුවකි.
අවස්ථාවන් සොයන පින්වත් බොහෝ පිරිසකට පාරමිතා පුරන්නට අවස්ථාව ලබා දෙන කොටසකි.