Testing Tripitaka


ත්‍රිපිඨකය තාමත් කියෙව්වේ නැත්ද? නැතිනම් දැන් කාලේ හරි ටිකක් ත්‍රිපිඨකය එහෙමත් ඇසුරු කරන්න... තමන්ගේ යහපත පිණිස මේ පොත පත ඇසුරු කරනවා නම් ගන්න දේවල් බොහෝමයි. ඉතින් මෙම කොටස තුල බුද්ධිමත් ඔබට ත්‍රිපිඨක ග්‍රන්ථ ඇසුරු කරන්නට අවස්ථාව උදා කරදෙන්නම්කෝ! ත්‍රිපිඨකය කියලා කියන්නේ සත්ධර්මය ගැබ්කරලා එකතු කරලා සකස් කල ග්‍රන්ථ මාලාවක්. කතෝලික ක්‍රිස්තියානි ආගමිකයන්ගේ බයිබලය, හින්දු ආගමිකයන්ගේ වේද ග්‍රන්ථ මාලාවන් සහ ඉස්ලාම් ආගමිකයන්ගේ කුරාණය වගේ බෞද්ධයන්ට මේ ත්‍රිපිඨක ග්‍රන්ථ මාලාව තුලින් තම ජීවිතයට සම්මා සම්බුදුරජාණන්

 

 

tipitaka

 

තුන් පිඨක ඇසුර!

ත්‍රිපිඨක ග්‍රන්ථ මාලාව සම්මා සම්බුදුරජාණන්වහන්සේ විසින් සහ නොයෙකුත් අරිහතුන්වහන්සේලා විසින් නොයෙක් අවස්ථාවල දේශනා කරන ලද සත්ධර්ම කොටස් විවිධ අයුරින් බෙදා වෙන්කරන ලද මූලික කොටස් 3කින් යුක්තයි.   

එයින් සූත්‍ර පිඨකය කියන්නේ සරලව බොහෝ කරුණු වටහාගත හැකි අයුරින් බොහෝම සත්ධර්ම කොටස් ගණනාවක් එක්රැස් වූ කොටසක්.  එතකොට අභිධර්ම පිඨකය කියලා කියන්නේ හරියට මේ සූත්‍ර පිඨකයේ සාරාංශය හෙවත් හරය සාරය එක්තැන් වෙච්ච කොටසක් කිව්වොත් වඩාත් නිවැරදියි.  විනය පිඨකය කියලා කියන්නේ ශාසනයේ පැවැත්ම උදෙසා භික්ෂු භික්ෂුණී යන දෙපිරිසට කල යුතු නොකල යුතු දෑ පෙන්වා දෙන වරද නොවරද පෙන්වා දෙන ඒවාට නිසි දඬුවම් පෙන්වා දෙන කොටසයි.  ඉතින් මේ කොටස් තුනට අදාලව සත්ධර්මය කැටිවෙච්ච ග්‍රන්ථ 57ක් දැනට අප අතර තිබෙනවා.  ඉතින් මේවෙනකොට මේ ග්‍රන්ථ අන්තර්ජාලය තුල පරිහරණය කල හැකි පහසුවෙන් බාගත හැකි මාධ්‍ය වශයෙන් තිබෙන නිසාම මේ කොටස වඩාත් පහසුවෙන් ඔබට ලබාදෙන්නට මටත් හැකිවුණා. 

Find out more